සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවකට විසඳුම්

සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට කලක සිට පවතින වෘත්තීය ගැටලුවක් විසඳීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේදී නව සේවා නිලධාරීන් ලෙස අන්තර්ග්‍රහණය වූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 3027 දෙනකුට බලපෑ ගැටලුවකට මෙලෙස විසඳුම් ලබාදී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව මුල් සේවා නිලධාරීන් ලෙස සැලකීමට නැවත අවස්ථාවක් ලබාදීම යන වෘත්තීය විසඳුම ලබාදුන් බවත්, එමගින් ඔවුන්ගේ මූලික වැටුප වැඩිවන බවත් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළා.

දීර්ඝ කාලයක් තිස්සේ නොවිසදී තිබූ මෙම ගැටලුකාරී තත්ත්වය කඩිනමින් විසඳීම සදහා මුදල් අමාත්‍යාංශයේ එකඟතාවය පළවීම සාධනීය තත්ත්වයක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.