විගමනික ශ්‍රමික ප්‍රජාවගෙන් මුල් මාස කිහිපයේ සැලකිය යුතු මුදලක්

විගමනික ශ්‍රමික ප්‍රජාවගෙන්මේ වසරේ මුල් මාස 7 තුළ රුපියල් බිලියන 964 කට අධික මුදලක් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්‍රකාශ කරනවා.

එය අමෙරිකානු ඩොලර් මිලියන 3710 ක් හෙවත් බිලියන 3.710 අගයක් බව සඳහන්.

ඒ අනුව 2024 වර්ෂයේ වැඩිම විදේශ ප්‍රේෂනය සිදු කළ මාසය මාර්තු වන අතර එහි අගය අමෙරිකානු ඩොලර් මිලියන 572ක් බවයි වාර්තා වන්නේ.