දළදා පෙරහරේ ඩ්‍රෝනා යැවූ තරුණයින් අත්අඩංගුවට

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිව්වන රන්දෝලි මහ පෙරහර වීථි සංචාරය කරන අවස්ථාවේදී නීති විරෝධී ලෙස ඩ්‍රෝන කැමරා ගුවන් ගත කළ තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කර තිබෙනවා.

ආරක්ෂක අංශවල අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරාවක් පෙරහර මාර්ගයට යොමුකරවීම නිසා මහනුවර පොලීසිය මඟින් මෙම තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගත් බව සඳහන්.