චීන – ශ්‍රී ලංකා යෞවන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන කොළඹදී පැවැත්වෙයි.

චීන – ශ්‍රී ලංකා යෞවන හා සංස්කෘතික හුවමාරු වැඩසටහන පසුගියදා ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

‘හායි චයිනා – හායි ශ්‍රී ලංකා‘ තේමාව යටතේ චීන මාධ්‍ය සමූහය සහ ජාතික තරුණ සේවා සභාව ඒකාබද්ධව සංවිධාන කරනු ලැබූ එම වැඩසටහනට තරුණ තරුණියෝ විශාල පිරිසක් සහභාගී වූහ.