ගුරුවරයාගෙන් කෙලෙසුණු දැරිය දින ගණනාවකට පසු මිය යයි

ඉන්දියාවේ කොල්කටා හි අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් රටපුරා වැඩවර්ජන ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවකදී උත්තර් ප්‍රදේශයේ සෝන්භද්‍රා හි ගුරුවරයෙකු විසින් දූෂණය කළ බව කියන 14 හැවිරිදි දැරියක් මිය ගොස් තිබෙනවා.

8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරිය දින 20ක් ප්‍රතිකාර ලබමින් සිටියදි මෙසේ මියගොස් ඇති බව සඳහන්.

සිද්ධියට අදාළ සැකකරු පලාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.