අමෙරිකාවේ තවත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් හෙට දිවයිනට

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සාගර සහ ජාත්‍යන්තර පාරිසරික හා විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර්. ලිට්ල්ජොන් හෙට (19) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඇය ලබන 21 වනදා දක්වා මෙරට සංචාරයේ නිරත වන බව සඳහන්.

එම සංචාරය අතරතුර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම්වරිය මෙරට ඉහළ පෙළේ නියෝජිතයින් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර අමෙරිකාවේ සහය යටතේ ක්‍රියාත්මක වන වනජීවී ආරක්ෂණ ව්‍යාපෘති නැරඹීමට සහ හයිඩ්‍රොග්‍රැෆි සහ දේශගුණික විපර්යාස වැනි ප්‍රමුඛතා ක්ෂේත්‍රවල එක්සත් ජනපද විශේෂඥයින් සමඟ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කිරීමේ අවස්ථා ගවේෂණය කරනු ඇති.

ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ඇය ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.