වෙළෙඳසැල් හිමිකරුගේ පහරදීමෙන් සේවකයා මරුට

වැල්ලවත්ත ප්‍රදේශයේ ඔචාර්ඩ් වෙළෙඳ සංකීර්ණය අසළ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 46ක් වූ ජම්පටා වීදිය. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අපරාධය සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා සේවය කළ වෙළෙඳ සැලෙහි හිමිකරු අතර ඇතිවූ පුද්ගලික ආරවුලක් මත වෙළෙඳසැල් හිමිකරු විසින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුවී ඇති බවයි.

ඝාතනයට අදාළ වයස අවුරුදු 42ක් වූ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වෙළෙඳසැල් හිමිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ දේහය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවත්ත පොලීසිය සිදුකරන බව සඳහන්.