බලශක්ති ක්ෂේත්‍රය පුරා පැතිර ඇති කළු පැල්ලම් මකා දමන බවට සහතික වෙනවා – අනුර

බලශක්ති ක්ෂේත්‍රය පුරා පැතිර ඇති කළු පැල්ලම් මකා දමන බවට සහතික වෙන බව ජාතික ජන බලවේගයේ නා​යක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

විදුලි ජනන කාර්යයේදී දේශීය මෙන්ම විදේශීය අයෝජකයින්ගේ ආයෝජන ලබා ගැනීමට එකඟ බවත්, බලශක්ති ක්ෂේත්‍රයේ අර්බුදය විසදීමේ විද්‍යාත්මක හා වෘත්තීමය කාර්යය ඒ සඳහා සුදුසුකම් ලත් විද්වතුන්ට පවරන බවයි ඔහු සඳහන් කළේ. 

අද රටේ පුරවැසියාට කිසිසේත්ම දැරිය නොහැකි මිලකට තෙල් ලීටරයක් මිලදී ගැනීමට සිදු වී ඇත්තේ සියලුම ක්ෂේත්‍ර වසා අද පැතිර ඇති මජර දේශපාලන සංස්කෘතිය නිසා බව​ද, තම ආණ්ඩුවක පළමු කාර්ය වන්නේ එය අවසන් කර දැමීම බවද ඔහු අවධාරණය කළා.

සැලසුම් කර තිබෙන ඉලක්කවලට යෑම සඳහා බලශක්ති ක්ෂේත්‍රයේ විද්වතුන්ට හා ව්‍යවසායකයින්ටත් දේශපාලන බලපෑමකින් තොරව තම කාර්ය කිරීම සඳහා හොඳම පරිසරය නිර්මාණය කරන බවද, ආලෝකය තරමටම ප්‍රභාස්වර ක්ෂේත්‍රයක් බවට බලශක්ති ක්ෂේත්‍රය පත්කර දෙන බව​යි ජාතික ජන බලවේගයේ බලශක්ති ප්‍රතිපත්තිය එළිදක්වමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

news images
news images
news images