අමෙරිකානු තානාපතිනිය කිරිවෙහෙරට…

කතරගම පුදබිමට පැමිණි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චෑංග් මහත්මිය පෙරේදා (15) සවස කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන් බැහැදැක ආශීර්වාද ගැනීමට කටයුතු කළාය. ඉන් අනතුරුව තානාපතිනිය ඇතුළු පිරිස කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වැඳ ආශීර්වාද ගැනීමෙන් පසු රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාද හමුව ඇති අතර, එහිදී මහරගම පිළිකා රෝහල වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක්ද සිදු කළ ඇය කතරගම මහ දේවාලය වැඳ පුදා ගැනීමටද එක් වූවාය.