අනුර කුමාර දිසානායක කාදිනල් හිමිපාණන් හමුවෙයි

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අද (17) බොරැල්ල අගරදගුරු නිල නිවසේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වී තිබෙනවා.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික ආගමික නායකයන් සමග සාකච්ඡා කළ ඔහු එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේගේ ආශීර්වාද ලබා ගත් බවයි එම පක්ෂය සඳහන් කළේ.

මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් ද එක් වී තිබෙනවා.

news images
news images