වයස්ගතම පැන්ඩා මවක් පළමුවරට නිවුන් පැන්ඩා පැටවුන් බිහි කරයි

චීනයේ හොංකොං හි Ying Ying නම් පැන්ඩා මව ඇගේ 19 වැනි උපන්දිනය සැමරීමට ආසන්නව තිබියදී නිවුන් පැන්ඩා පැටවුන් බිහිකර තිබෙනවා.

එය මිනිස් වයසේදී වයස අවුරුදු 57 ට සමාන බව හොංකොං සාගර උද්‍යානයේ ප්‍රකාශකයන් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව මෙසේ පළමු වරට නිවුන් පැන්ඩා පැටවුන් බිහි කළ ලොව වයස්ගතම පැන්ඩා මව වන්නේ Ying Ying ලෙස සඳහන්.

හොංකොං සාගර උද්‍යානයේ සභාපති Paulo Pong නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම උපත සැබෑ දුර්ලභත්වයකි, විශේෂයෙන්ම Ying Ying පළමු වරට සාර්ථක ලෙස උපත ලැබූ වාර්තාගත වයස්ගතම යෝධ පැන්ඩා ලෙස සැලකෙන බවයි.