සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් සඳහා රජයෙන් සහනයක්

සිවිල් ආරක්ෂක බලකායට අයත් සාමාජිකයින්ගේ සුබසාධනය සඳහා රජය විසින් නිවාස ගොඩනැගීමේ ව්‍යාපෘති කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව නිවසක් ඉදිකර ගැනීමටත්, පවතින නිවාසවල අලුත්වැඩියා කටයුතු සිදුකර ගැනීමටත් අවශ්‍යකරන ශ්‍රම දායකත්වය සිවිල් ආරක්ෂක බලකාය වෙතින් ලබාදීමට රජය තීන්දු කොට ඇති බව සඳහන්.

මෙහිදී පළමු අධියර යටතේ සාමාජිකයින් 100 දෙනෙකු සඳහා මෙම වැඩපිළිවෙල යටතේ සහන සැලසෙනු ඇති බවයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එමෙන්ම වසර කිහිපයක සිට සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් විසින් සිදුකලා ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ඔවුන් සඳහා දැනට රුපියල් 350 ලෙස ලැබෙන දෛනික සලාක දීමනාව රුපියල් 500 දක්වා ඉහළ දැමීමට ද රජය පියවර ගෙන තිබෙනවා.