ශ්‍රී පුර වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට

ශ්‍රී පුර, ගැමුණුපුර පුල්ලෙයාර් හන්දිය ප්‍රදේශයේ අද (16) අලුයම සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා

පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා

මෙලෙස මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි කාවන්තිස්ස පුර, ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා