වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා පත්කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා පත්කර තිබෙනවා.

ඒ අනුව ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා අද (16) වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇති බව සඳහන්.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා දිවයිනෙන් බැහැරවීම හේතුවෙන් ඒ මහතා නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.