පක්ෂයේ ස්ථාවරය නියම වෙලාවට ප්‍රකාශ කරනවා -එම්. ඒ. සුමන්තිරන්

ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්‍ෂයේ ස්ථාවරය නියම වේලාවට ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (16) කිලිනොච්චියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

තවද පසුගිය ජනාධිපතිවරණ කිහිපයේදීම තම පක්ෂයේ ස්ථාවරය මැතිවරණවලට පෙර ප්‍රකාශ කළ බවත් මෙවරද එය එසේම ක්‍රියාත්මක කරන බවත් සියලු අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එනතුරු බලා සිටින බවද ඒ මහතා සඳහන් කර සිටියා.

සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රටටම කියා ඇති දේ බලා එය නිසි වේලාවට ප්‍රකාශයට පත් කරමු යැයිද වැඩිදුර අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ බව සඳහන්.