උඩින් ඔළු කොච්චර එකතු වුණත්, ජනතාව ඉන්නේ ජාතික ජන බලවේගය එක්ක – අනුර

ඉහළින් කෙතරම් ඔළු ගෙඩි එකතු වුවද ජනතාව සිටින්නේ ජාතික ජන බලවේගය සමඟ බව එහි නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

අත්හදා බැලීම් කෙසේ වෙතත්, වෙනසක් සිදුකළ යුතු කාලය එළඹී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිං​හ සහ ඔහු නියෝජනය කරන කඳවුර ජනතාව ඇති තරම් අත්හදා බලා ඇති බවද, අවශ්‍ය වී ඇත්තේ පැරණි මුුුුහුුණු නොව අවංක වැඩපිළිවෙළක් සහිත කණ්ඩායමක් බවද ඔහු සඳහන් කළා.

එම කණ්ඩායම සිටින්නේ ජාතික ජන බලවේගයේ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.