දිනේෂ්ගේ සන්ධානය අද එළිදකී

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු හා ජනාධිපතිවරයා අතර අවබෝධතා ගිවිසුමක් කොළඹදී අද (16) පෙරවරුවේ අත්සන් තැබේ.

ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීම හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී තීරණවලට එළඹෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ අතර ජනාධිපතිවරයාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අනූවකට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් නව දේශපාලන සන්ධානයක් එළිදැක්වීමට නියමිතය.

එම නව සන්ධානයේ මහලේකම් තනතුර ඇමැති රමේෂ් පතිරණ මහතාට හිමිවනු ඇත.

නව සන්ධානයේ නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට හිමි වේ. එහි අනුශාසක තනතුර සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කෙරෙනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

නව සන්ධානයේ ජාතික සංවිධායක ලෙස ඇමැති කංචන විජේසේකර හෝ ඇමැති ප්‍රසන්න රණතුංග පත් කරනු ඇතැයි ද පැවසේ.