රටේ ඒකීයත්වය ආරක්ෂා කර ගනිමින්, රටට ගැලපෙන ආර්ථික, සමාජීය වෙනස්කම් ඇති කිරීමට පොහොට්ටුව සූදානම් – නාමල්

රටේ ඒකීයත්වය ආරක්ෂා කර ගනිමින්, රටට ගැලපෙන ආර්ථික, සමාජීය වෙනස්කම් ඇති කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් රට ආරක්ෂා කරන අතර, රැකියා උත්පාදනය කර ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම සඳහා වන දැවැන්ත බලවේගයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් වන බවයි නාම යෝජනා ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පාක්ෂිකයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට කටයුතු කරනු ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බවයි ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.