නැව­තත් රනිල් ජන­පති විය යුතුයි -කළු­තර දිස්ත්‍රික් නව භික්ෂු එක­මු­තුව පව­සයි

කළු­තර දිස්ත්‍රික් නව භික්ෂු එක­මුතු කති­කා­වට එක්වූ මහා සංඝ­ර­ත්නය ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී නැව­තත් ජනා­ධි­පති ධුර­යට පත්කර ගත යුතු බව ප්‍රකාශ කර සිටි­යහ.

පෙරේදා(13) පාන­දුර, වයිට් හෙවන් හෝට­ල­යේදී පව­ත්වනු ලැබූ මාධ්‍ය හමු­ව­කදී උන් වහ­න්සේලා එසේ ප්‍රකාශ කර සිටි­යහ.

මේ අව­ස්ථා­වට ශ්‍යාමෝ­පාලී වංශික මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ, බස්නා­හිර පළාතේ කළු­තර මහ දිසාවේ ප්‍රධාන සංඝ­නා­යක, ගෝන­ග­ල­පුර සමිද්ධි නාහිමි, සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ බෝධි­නා­ගල වන­වාසී සංඝ සභාවේ ලේඛ­කා­ධි­කාරී, පැල­වත්ත ශ්‍රී අභි­න­වා­රාම විහා­ර­ස්ථා­නයේ විහා­රා­ධි­පති හැවනේ ධම්මා­නන්ද නාහිමි, දඹ­ගොල්ලේ පදු­ම­සිරි හිමි, නාම­ල්ත­ලාවේ දමිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ­ර­ත්නයේ විශාල පිරි­සක් එක් වූහ.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් උන්ව­හ­න්සේලා මෙලෙස කියා සිටි­යහ.

“ජනා­ධි­ප­ති­ව­ර­ණය වෙනු­වෙන් මේ දින­වල විවිධ අපේ­ක්ෂ­ක­යන් වේදිකා තන­මින් ජන­තා­වට විවිධ පොරොන්දු දෙමින් සිටි­නවා. රට අගා­ධ­යට වැටුණු මොහොතේ රට භාර ගැනී­මට කිසි­වෙක් සිටියේ නෑ. තමන් රටට පොරොන්දු වූවා සේ වසර දෙකක් වැනි කෙටි කාල­ය­කින් රට යම් ස්ථාවර මට්ට­ම­කට ගෙන ආවේ රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­ව­රයා. එනිසා අපට ජනා­ධි­ප­ති­ව­ර­යාගේ පාල­නය පිළි­බඳ යම්කිසි විශ්වා­ස­යක් තැබිය හැකියි. මේ වේලාව අත්හ­දා­බැ­ලීම් කර­න්නට සුදුසු වෙලා­වක් නොවේ.”