දඹානේ ආදි­වා­සී­න්ගෙන් ශ්‍රී දළදා සමි­ඳුන්ට පිදෙන මී පැණි පූජාව අද

ශ්‍රී දළදා සමි­ඳුන් උදෙසා දඹානේ ආදි­වා­සීන් විසින් වාර්ෂි­කව පව­ත්වනු ලබන මී පැණි පූජාව අද (15) පෙර­ව­රු­වේදී පැවැ­ත්වෙයි. මී පැණි පූජාව සෑම වස­ර­කම පළමු රන්දෝලි පෙර­හර දින පැවැ­ත්වෙන අතර, ඒ සඳහා වැදි­නා­යක ඌරු­ව­රිගේ වන්නි­ය­ලෑ­ත්තන් ප්‍රමුඛ හත­ළිස් දෙන­කු­ගෙන් පමණ සම­න්විත ආදි­වා­සීහු පිරි­සක්  සහ­භාගි වෙති.

ආදි­වාසි නාය­කයා ඇතුළු පිරිස මී පැණි පූජා­වෙන් පසු මහ­ම­ළුවේ සිට රන්දෝලි පෙර­හර නැර­ඹී­ම­ට ද නිය­මි­තය. මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යයේ විචි­ත්‍ර­ත්වය ඉහළ නංව­මින් අද (15) සිට රන්දෝලි පෙර­හර වීදි සංචා­රය කරන අතර, ශ්‍රී දළදා මාලි­ගාව අබි­ය­සින් සවස 6.45ට නිරිත දිශා­භි­මු­ඛව පිටත් වන පෙර­හර දළදා වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය ඔස්සේ ගමන් කර, නැවත ඊ.එල්. සේනා­නා­යක වීදිය, හරස් වීදිය, ඩී.එස් සේනා­නා­යක වීදිය ඔස්සේ ගමන් ගෙන රජ වීදි­යෙන් ඉහ­ළට විත් ගෙවැ­දී­මට නිය­මි­තය.