ආපදා තත්ත්ව­ය­කදීත් ඡන්දයට බාධාවක් නෑ

ජනා­ධි­ප­ති­ව­රණ සමය තුළ ඇති විය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්ව­ය­කදී ඊට මුහුණ දෙමින් ඡන්ද බලය හිමි සියලු පුර­වැ­සි­යන් වෙත සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අයි­තිය තහ­වුරු කිරීම සඳහා විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය පිය­වර ආපදා කළ­ම­නා­ක­රණ බල­ධා­රීන් දැන­ට­මත් ගෙන ඇත.

ඉදිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වෙන දින සහ ඒ ආසන්න දින කිහි­පය තුළ ක්‍රියා­ත්මක කිරී­මට නිය­මිත විශේෂ ආපදා කළ­ම­නා­ක­රණ වැඩ­ස­ට­හන පිළි­බඳ ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ නිල­ධා­රීන්, ත්‍රිවිධ හමු­දාව, සිවිල් ආර­ක්‍ෂක දෙපා­ර්ත­මේ­න්තුව, පොලි­සිය ඇතුළු රාජ්‍ය ආය­ත­න­වල නිල­ධා­රීන් සමඟ විශේෂ සාක­ච්ඡා­වක් ආර­ක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්න­කෝන් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පෙරේදා (13) කොළඹ ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­න­යේදී පැවැ­ත්විණි.

එම සාක­ච්ඡාව අව­සා­න­යේදී මාධ්‍ය­යට අද­හස් දක්ව­මින් රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා ප්‍රකාශ කළේ මැති­ව­රණ කොමි­ෂන් සභාවේ මාර්ගෝ­ප­දේශ හා උප­දෙ­ස්ව­ලට අනු­කූ­ලව ඕනෑම හදිසි ආපදා අව­ස්ථා­ව­කදී සෑම පුර­වැ­සි­ය­කු­ටම තම ඡන්දය ප්‍රකාශ කිරී­මට අව­ස්ථාව සැල­සීම සඳහා ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය මඟින් අවශ්‍ය සියලු ක්‍රියා­මාර්ග සහ අවශ්‍ය පහ­සු­කම් සප­යන බවයි. එමෙන්ම ඒ සඳහා පූර්ව සූදා­නම අත්‍ය­වශ්‍ය බවත් විශේ­ෂ­යෙන්ම මැති­ව­රණ කාල­සී­මාව තුළ ආපදා සම්බන්ධ ඕනෑම හදිසි අව­ස්ථා­ව­කට මුහු­ණ­දීම සඳහා අදාළ රාජ්‍ය ආය­ත­න­වල සියලු නිල­ධා­රීන් සූදා­නම් කරන බවත් ඔහු පැවැ­සීය.

මැති­ව­රණ කාල­සී­මාව තුළ ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ ඍජු අධී­ක්‍ෂ­ණය යටතේ විශේෂ දිස්ත්‍රික් ආපදා මැති­ව­රණ කළ­ම­නා­ක­රණ ඒක­ක­යක් ස්ථාපිත කරන බවත් සියලු ආපදා කළ­ම­නා­ක­රණ කට­යුතු මෙම ඒක­කය හරහා සිදු කරන බවත් රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය. ඕනෑම හදිසි ආපදා තත්ත්ව­යක් පිළි­බඳ දැනුම් දීම සඳහා පැය 24 පුරා ක්‍රියා­ත්මක 117 හදිසි දුර­ක­තන අංකය තව­දු­ර­ටත් ක්‍රියා­ත්මක බව ද ඔහු කියා සිටි­යේය.

මෙම සාක­ච්ඡා­වට ආර­ක්‍ෂක ලේකම් ජෙන­රල් කමල් ගුණ­රත්න, ආර­ක්‍ෂක මාණ්ඩ­ලික ප්‍රධානී ජෙන­රල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමු­දා­ප­ති­වරු ඇතුළු ආර­ක්‍ෂක අංශ ප්‍රධා­නීන්, ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ අධ්‍යක්‍ෂ ජන­රාල්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිල­ධා­රීන්, කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ සහ ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ නිල­ධා­රීහු පිරි­සක් ද එක්ව සිටි­යහ.