2024 ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගැනීම අද

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (15) පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා

ඒ අනුව පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී නාමයෝජනා භාරගැනීම සිදු කිරීමට නියමිතයි

එමෙන්ම එහිදී නාමයෝජනාවක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා

ජනාධිපතිවරණයට අදාළව අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ

මේ අතර ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලදී ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව ප්‍රකාශයට පත් කරන බව බව ද සඳහන්.

මීට අමතරව නාම යෝජනා භාරගැනීම වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය සහ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබෙනවා