වෛද්‍ය­ව­රි­යක් ඝාත­න­යට ලක්වී­මෙන් ඉන්දි­යාව පුරා වෛද්‍ය වැඩ වර්ජ­න­යක්

ඉන්දි­යාවේ නැඟෙ­න­හිර බෙංගාල ප්‍රාන්ත­යේදී අභ්‍යා­ස­ලාභී වෛද්‍ය­ව­රි­යක දූෂ­ණය කර ඝාත­නය කිරිමේ සිදු­වී­මක් මුල් කර­මින් රෝහල් කාර්ය මණ්ඩ­ලයේ ආර­ක්ෂාව තහ­වුරු කරන ලෙස ඉල්ලා ලක්ෂ තුන­කට අධික වෛද්‍ය­වරු පිරි­සක් වැඩ වර්ජ­න­ය­කට එක් වී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. කොල්කටා නුවර රෝහ­ලක සේවය කරන 31 හැවි­රිදි එම වෛද්‍ය­ව­රිය රාත්‍රි සේවා මුර­යෙන් පසු රෝහල් ශ්‍රව­නා­ගා­රයේ නිදා සිටි­යදී එම අවා­ස­නා­වන්ත ඉර­ණ­මට ගොදුරු වී ඇතැයි ද, ලිංගික හිංස­න­යට ලක්වූ බවට සාක්ෂි සහිත ඇගේ අඩ­නි­රු­වත් සිරුර පොලි­සිය විසින් සොයා­ගෙන ඇත්තේ ඊට පසු­දින උදෑ­සන බව ද එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. වෛද්‍ය­ව­රි­යගේ මර­ණය සම්බ­න්ධව සැක­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි ද වාර්තා වේ.

කෙසේ වුවද වෛද්‍ය­ව­රි­යගේ මර­ණය පිළි­බඳ පොලි­සිය විසින් සිදු කරනු ලබන විම­ර්ශන කට­යුතු කඩි­නම් නොකි­රී­මත්, රෝහල් කාර්ය මණ්ඩ­ලයේ කාන්තා අත­වර හා හිංසන ඉහළ යෑමත් මුල් කර­මින් වෛද්‍ය­වරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩ­ලය එම වැඩ වර්ජ­නය ආරම්භ කර තිබෙන බව වැඩි­දු­ර­ටත් වාර්තා වේ.