වෙනිසියුලාවේ ජනපතිවරණ ප්‍රතිඵල එක්සත් ජාතීන්ගේ විවේචනයට

වෙනිසියුලාවේ ජනාධිපතිවරණය මූලික විනිවිදභාවය සහ අඛණ්ඩතාවය උල්ලංඝනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායමක් පවසනවා.

එම මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සැලකිය නොහැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සවිස්තරාත්මක ඡන්ද ගණන් කිරීම් ප්‍රකාශයට පත් නොකර වත්මන් නිකොලස් මදුරෝ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව වෙනිසියුලාවේ ජාතික මැතිවරණ සභාව (CNE) විවේචනය කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් අඟහරුවාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බොහෝ පුද්ගලයින් රඳවා තබා ගැනීම, චෝදනා කිරීම හෝ වෛරය ඇති කිරීම සඳහා චෝදනා එල්ල කිරීම පීඩාකාරී වාතාවරණයක් ගෙන එන්නක් බවයි.