රනිල්-නාමල්-විජ­ය­දාස-දිලිත් නාම­යෝ­ජනා අත්සන් කරති

එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­ප­ත්වීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා නාමයෝජනා පත්‍ර­යට අත්සන් තැබීම කොළඹ මල් පාරේ පිහිටි සිය දේශ­පා­ලන කාර්යා­ල­යේදී ඊයේ (14) සිදු කෙරිණි.මේ අව­ස්ථා­වට අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන, ඇමැ­ති­ව­රුන් වන නිමල් සිර්පාල ද සිල්වා, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන, අලි සබ්රි, කංචන විජේ­සේ­කර, රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත, මන්ත්‍රී­ව­රුන් වන එස්.බී. දිසා­නා­යක, වජිර අබේ­ව­ර්ධන, ජනා­ධි­පති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආර­ක්ෂාව පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක සාගල රත්නා­යක මහ­ත්වරු ප්‍රමුඛ පිරි­සක් එක්ව සිටි­යහ.

එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ශ්‍රී ලංකා පොදු­ ජන පෙර­මු­ණෙන් ඉදි­රි­ප­ත්වීම සඳහා එම පක්ෂයේ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා කොළඹ විජේ­රාමේ පිහිටි හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ නිවෙ­සේදී නාමයෝජනා පත්‍ර­යට ඊයේ (14) අත්සන් තැබීය. එම අව­ස්ථා­වට හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් වන මහින්ද රාජ­පක්ෂ, ගෝඨා­භය රාජ­පක්ෂ, හිටපු ඇමැති බැසිල් රාජ­පක්ෂ, පක්ෂයේ මහලේකම්, පාර්ලි­මේන්තු මන්ත්‍රී සාගර කාරි­ය­ව­සම් මහ­ත්ව­රුන් ඇතුළු මන්ත්‍රී­වරු පිරි­සක් එක්ව සිටි අයුරු.

එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ශ්‍රී ලංකා පොදු­ ජන පෙර­මු­ණෙන් ඉදි­රි­ප­ත්වීම සඳහා එම පක්ෂයේ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා කොළඹ විජේ­රාමේ පිහිටි හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ නිවෙ­සේදී නාමයෝජනා පත්‍ර­යට ඊයේ (14) අත්සන් තැබීය. එම අව­ස්ථා­වට හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් වන මහින්ද රාජ­පක්ෂ, ගෝඨා­භය රාජ­පක්ෂ, හිටපු ඇමැති බැසිල් රාජ­පක්ෂ, පක්ෂයේ මහලේකම්, පාර්ලි­මේන්තු මන්ත්‍රී සාගර කාරි­ය­ව­සම් මහ­ත්ව­රුන් ඇතුළු මන්ත්‍රී­වරු පිරි­සක් එක්ව සිටි අයුරු.

එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා කොළඹ මල් පාරේ පිහිටි සිය දේශ­පා­ලන කාර්යා­ල­යේදී ඊයේ (14) අත්සන් තැබීය.

මහා සංඝ­ර­ත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ඣා­යනා කර ජනා­ධි­ප­ති­ව­රයා වෙත ආශී­ර්වාද පළ කළ අතර අන්‍යා­ග­මික පූජ­ක­වරු ද ආග­මික වතා­වත් සිදු කොට ආශී­ර්වාද පළ කළහ.

අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා ප්‍රමුඛ මැති ඇමැ­ති­ව­රුන් රැසක් ද එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට සහාය ලබා­දෙන දේශ­පා­ලන පක්ෂ හා සංවි­ධා­න­වල නියෝ­ජි­ත­යන් ඇතුළු විශාල පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ, නාමල් රාජ­පක්ෂ සහ දිලිත් ජය­වීර යන ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් ද සිය නාම­යෝ­ජනා පත්‍ර­ව­ලට ඊයේ සිය කාර්යා­ල­ව­ලදී අත්සන් තබනු ලැබීය.

සජබ නායක සජිත් ප්‍රේම­දාස මහතා අද (15) සිය නාම­යෝ­ජනා පත්‍ර අත්සන් කිරී­මට නිය­මි­තය.

අනුර කුමාර දිසා­නා­යක මහතා පසු­ගිය 12 වැනිදා නාම­යෝ­ජනා පත්‍ර­යට අත්සන් තැබූ අතර තවත් අපේ­ක්ෂ­ක­යන් කිහි­ප­දෙ­නකු ඇප මුදල් තැන්පත් කිරී­මෙන් අන­තු­රුව පසු­ගි­යදා නාම­යෝ­ජනා පත්‍ර­ව­ලට අත්සන් තබනු ලැබීය.

පසු­ගිය ජූලි 26 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේ­ද­න­යක් හරහා ජනා­ධි­ප­ති­ව­ර­යකු පත්කර ගැනීම සඳහා නාම­යෝ­ජනා කැඳ­වීම අගෝස්තු 15 වැනි­දාත් ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වීම සඳහා සැප්තැ­ම්බර් 21 වැනි­දාත් යනු­වෙන් දින නියම වී ඇති බව දන්වා සිටි­යේය.

අපේ­ක්ෂ­ක­යාගේ නම පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ­යක් විසින් යෝජනා කරන විට එම පක්ෂයේ ලේක­ම්ව­රයා විසින් නාම­යෝ­ජනා පත්‍රය අත්සන් කළ යුතු අතර අපේ­ක්ෂ­ක­යාගේ නම වෙනත් යම් දේශ­පා­ලන පක්ෂ­ය­කින් යෝජනා කරන විට එම පක්ෂයේ ලේක­ම්ව­රයා විසින් නාම­යෝ­ජනා පත්‍රයේ අත්සන් කළ යුතු වේ.

අපේ­ක්ෂ­ක­යාගේ නම යම් ඡන්ද හිමි­යකු විසින් යෝජනා කරනු ලබන විට ඡන්ද හිමි නාම­ලේ­ඛ­නයේ නම ඇතු­ළත් ඡන්ද හිමි­යකු විසින් නාම­යෝ­ජනා පත්‍රය අත්සන් කළ යුතු වන අතර නාම­යෝ­ජනා ඉදි­රි­පත් කළ පසු ප්‍රති­වි­රුද්ධ අපේ­ක්ෂ­ක­යකු විසින් හෝ ප්‍රති­වි­රුද්ධ අපේ­ක්ෂ­ක­යාගේ නාම­යෝ­ජනා පත්‍රය අත්සන් කරනු ලැබූ තැනැ­ත්තකු විසින් හෝ යම් අපේ­ක්ෂ­ක­යකු සම්බ­න්ධ­යෙන් විරෝ­ධතා ගොනු කිරී­මට ඇත්නම් කොම­සා­රි­ස්ව­රයා විසින් නියම කරනු ලබන වෙලාව තුළදී විරෝ­ධතා දැක්වී­මට හැකි වේ.

මෙවර නාම­යෝ­ජනා සම්බ­න්ධ­යෙන් අගෝස්තු 15 වැනි දිනම පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.30 දක්වා කාල සීමා තුළ විරෝ­ධතා දැක්වී­මට අව­ස්ථාව ලබා දී ඇත.

නාම­යෝ­ජනා කැඳ­වීමේ දිනයේ සිට සති 2ක් ඇතු­ළ­තදී මැති­ව­රණ කොම­සා­රිස් විසින් එක් එක් ඡන්ද බල­ප්‍ර­දේ­ශය තුළ ඡන්ද මධ්‍ය­ස්ථාන පව­ත්වන ස්ථාන සඳ­හන් කර­මින් දැන්වී­මක් ගැසට් පත්‍රයේ පළ කළ යුතු අතර එක් ග්‍රාම නිල­ධාරී කොට්ඨා­ස­යක් සඳහා එක් ඡන්ද මධ්‍ය­ස්ථා­නය බැගින් එම ඡන්ද බල­ප්‍ර­දේ­ශය තුළම පිහිටු වීම කළ යුතු වන අතර විශේෂ අව­ස්ථා­ව­කදී මෙම තත්ත්වය වෙනස් වීමට හැකි­යාව පවතී.