බදියුදීන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් ජනපතිගේ සහායට එයි

සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතර දෙනාගෙන් තුන්දෙනෙක් රනිල්ට සහයෝගය ලබාදීමට අද (15)  තීරණය කර තිබෙයි.

එම පක්ෂයේ රිෂාඩ් බදියුදීන් සමඟ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙක් සිටින අතර බදියුදීන් හැර ඉතිරි මන්ත්‍රීවරු තිදෙනාගේ සහාය ජනාධිපතිවරයා වෙත ලබා දීමටයි ඔවුන් කටයුතු කර ඇත.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එස්.එම්.එම් මුෂාරෆ් මෙලෙස ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කර තිබෙයි.