නාම යෝජනා භාරදී ජනපති මහනුවර යයි

නාමයෝජනා භාර දීමෙන් අනතුරුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවරට පැමිණ තිබෙයි.

මහනුවරට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක හිමිපාණන් වහන්සේ සහ ශ්‍යාමෝපාලී වංශික මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක හිමිපාණන් වහන්සේ මීට සුළු මොහොතකට පෙර බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.