ඇෆ්ගනිස්ථානයේ ගැහැණු ළමුන් ගැන නව අනාවරණයක්

තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය ලබා ගැනීමෙන් අනතුරුව 2021 වසරේ සිට මේ දක්වා කාලය තුළ අවම වශයෙන් මිලියන 1.4ක එරට ගැහැණු ළමුන්ට පාසල් අධ්‍යාපනය තහනම් කර ඇති බව යුනෙස්කෝව පවසනවා.

ඒ අනුව ඔවුන්ට ද්විතීයික අධ්‍යාපනය සඳහා වන ප්‍රවේශය ද අවහිර වී ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

ගුරුවරියන්ට පිරිමි ළමයින්ට ඉගැන්වීම තහනම් කිරීමට බලධාරීන් ගත් තීරණය මෙන්ම දරුවන් පාසල් යැවීමට දෙමාපියන්ට දිරිගැන්වීමක් නොමැතිකම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව සඳහන්.