රාජගිරිය අවට අද විශේෂ රථ වාහන සැලැස්මක්

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන්ගේ නාමයෝජනා බාර ගැනීම අද (15) රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතව තිබෙයි.

ඒ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය මාධ්‍ය නිවේදනක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව අද උදෑසන 08.00 සිට පස්වරු 2.00 දක්වා කාලය තුළ එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙයි.