මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොටු

හංවැල්ල තුම්මෝදර කුමාරි ඇල්ලට යන මාර්ගයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකටව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අපරාධය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ සැකකරුවන් දෙදෙනෙකු පාදුක්ක ගාලබැදිහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්

අත්අඩංගුවට ගත් සැකකරුවන් 34 හැවිරිදි වියේ පසු වන උඩුමුල්ල හා වටරැක ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා

අපරාධය සඳහා යොදාගත් යතුරුපැදි 02ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා