වාලම්පුරියක් සමඟ සැකකරුවෙකු පොලිස් රැහැනට

දිවුලපිටිය නගරයේදී වාලම්පුරියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට දිවුලපිටිය පොලීසිය සමත්වී තිබෙනවා.

රුපියල් ලක්ෂ 13ක මුදලකට එම වාලම්පුරිය අළෙවි කිරීමට සූදානම්ව සිටින බවට ලද තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වූ දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දිවුලපිටිය පොලිසිය සිදුකරන බවයි වාර්තා වන්නේ.