තායිලන්ත අගමැති ධුරයෙන් නෙරපයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම හේතුවෙන් තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin එරට අධිකරණය විසින් ධුරයෙන් නෙරපා හැර තිබෙනවා.

“නොහොබිනා හැසිරීම් ප්‍රදර්ශනය කිරීම සහ “ආචාර ධර්ම පිළිබඳ නීති” උල්ලංඝනය කර ඇති බවටයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ.

වසරකට අඩු කාලයක් බලයේ සිටි 67 හැවිරිදි වියේ පසුවන Srettha Thavisin, තායිලන්ත අධිකරණය විසින් බලයෙන් නෙරපා හරින ලද තුන්වන අග්‍රාමාත්‍යවරයා බව සඳහන්.

තායිලන්තය සඳහා නව අගමැතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා එරට පාර්ලිමේන්තුව රැස් වන තෙක් ඔහු වෙනුවට අන්තර්වාර නායකයෙකු පත් කිරීමට නියමිතයි.