තණමල්විල දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් විමර්ශන

තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නියාමන කටයුතු සිදු කරමින් පවතින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත අදාළ දැරිය ඉදිරිපත් කළ අවස්ථාවේ එම වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව ද දැරියගේ මව විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවය අමතා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව සඳහන්.

ඒ අනුව අදාළ සිදුවීම පිළිබඳව ද එම අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.