ජනපති සටනට නාමල් වෙනුවෙන් ඇප තැන්පත් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් මීට සුලු මොහොතකට පෙර ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ඒ සඳහා පක්ෂ මහලේකම් නීතඥ සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටි බව සඳහන්.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන 04, 05, 06, 11 සහ 12 වෙනිදා යන දිනවල සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.