ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළට

ලබන වසර සඳහා වන අයවැය මඟින් රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප 24%ත් 35%ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

අවම මූලික වැටුප ඉහළ නැංවීමෙන් පසු රාජ්‍ය අංශයේ පහළම ශ්‍රේණියේ සේවකයන්ටත්, සේවා නියුක්ත කම්කරුවන්ටත් රුපියල් 50,000ක වැටුපක් හිමිවීමට නියමිතයි.

එමෙන්ම ජීවන වියදම් දීමනාව රුපියල් 25,000 බැඟින් වසර 3ක් ලබාදීමටද පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.