බෙන් ස්ටොක්ස් හට ශ්‍රී ලංකාවට එරෙහි තරගය අහිමි වෙයි

එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස් හට එළඹෙන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ ඔහුගේ වම් පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන්.

බෙන් ස්ටොක්ස් වෙනුවට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ඔලි පෝප් හට හිමිව තිබෙනවා.

කෙසේවෙතත් ඔහු ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන පාකිස්ථාන සංචාරයට එක්වීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අගෝස්තු 21 වනදා මැන්චෙස්ටර් හිදී පැවැත්වීමට නියමිතයි.