ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට ගිය ක්‍රීඩක පිරිස පදක්කම් ලබා දිවයිනට එයි

මැලේසියාවේ පැවති 16 වන විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් එහිදී රන් පදක්කම් 13 ක් , රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා ඊයේ (13)  රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය ඉකුත් 08/01 දින සිට 08/10 දින දක්වා ලෝකයේ රටවල් 22 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පවත්වා තිබුණි .

මෙම ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස ඊයේ  රාත්‍රී 11.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .