ඇප තැන්පත් කිරීමට ලබාදුන් කාලය අවසන්

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් සඳහා ඇප තැන්පත් කිරීමට ලබාදුන් කාලය අද (14) මධ්‍යහ්න 12න් අවසන් වුණා.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම හෙට (15) උදෑසන 9 සිට 11 දක්වා කාලය තුළ ආරම්භ කිරීමට නියමිතයි.

නාම යෝජනා භාරගැනෙන හෙට (15) උදෑසන කාලයේ මැතිවරණ කොමිසම ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්.