අප්‍රිකාවේ හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක්

අප්‍රිකාවේ හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වඳුරු උණ හෙවත් මන්කිෆොක්ස් රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සමීප සම්බන්ධතා හරහා මිනිසුන් අතර සම්ප්‍රේෂණය වන මෙම රෝගී තත්ත්වය හේතුවෙන් ආසාදනයන්, උණ, මාංශ පේශි කැක්කුම සහ ශරීරය පුරා තුවාල වැනි රෝග ලක්ෂණ ඇති කරන බව සඳහන්.

මෙම වසර ආරම්භයේ සිට කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ රෝගීන් 13,700කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 450ක් මන්කිෆොක්ස් රෝගය හේතුවෙන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.