අනුර ප්‍රියදර්ශන යාපා නායකත්වය ගනිමින් නව සන්ධානයක්

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා ඉදිරිපත්වූ පක්ෂවල සාජිකයින්ගේ සහභාගීත්වයෙන් නව දේශපාලන පෙරමුණක් බිහි කිරීමේ මූලාරම්භය මීට සුළු වේලාවකට පෙර සනිටුහන් කෙරුණා.

ඒ අනුව කලක් මෙරට ප්‍රබල දේශපාලන පක්ෂයක් වූ පොදුජන එක්සත් පෙරමුණ නැවතත් බල ගන්වමින් පුටුව ලකුණ යටතේ නව සන්ධානයක් බිහිව තිබෙනවා.

ඊට අදාළ සමාරම්භක උත්සවය මේ වන විට පැවැත්වෙමින් තිබෙන අතර නව සන්ධානයේ නායකත්වය කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාටයි හිමිව තිබෙන්නේ.

ලේකම් ධුරය ලසන්ත අලගියවන්න මහතාට හිමිව තිබෙන අතර ජාතික සංවිධායක ධුරය දුමින්ද දිසානායක මහතාට හිමිව තිබෙනවා.