මොණරාගල පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් පහෙන් හතරක්ම රනිල්ට

මොණරාගල දිස්ත්‍රික්කයේ පක්ෂ කිහිපයකම පාර්ලිමේන්තු, පළාත් සභා හා පාලන මන්ත්‍රීවරුන් එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

මෙසේ සහය පළ කිරීමට එකඟ වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ ත්‍රිත්වයට අයත් පාර්ලිමේන්තු, පළාත් සභා හා පාලන මන්ත්‍රීවරුන් බව සඳහන්.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව එම පක්ෂවල මහජන නියෝජිතයින් මෙම තීරණයට එළඹ තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරු 05න් 04 දෙනෙකු සහභාගී වී තිබෙන අතර පොහොට්ටුවේ මොණරාගල දිස්ත්‍රික් නායක ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ මහතාට සහය පළ කරන බවයි වාර්තා වන්නේ.