මිලියන 45 ක් වටිනා කේරළ ගංජා සමඟ සැකකරුවන් 02 ක් කොටුවෙයි

ඉන්දියාවේ සිට රැගෙන එන ලද රුපියල් මිලියන 45 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 160 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම පොලීසියේ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ ( 12 )  අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම කේරළ ගංජා තොගය මන්නාරමට බෝට්ටුවකින් රැගෙන විත් යාපනයේ අරියාලේ ප්‍රදේශයේ ස්ථානයක සගවා තිබියදි මන්නාරම පොලීසියේ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සොයා ගෙන ඇත

මෙහිදී අත් අඩංගුවට ගත් සැකකරුවන් කිළිනොච්චියේ පදිංචි වයස අවුරුදු 39 ක හා 44 ක  පුද්ගලයින් දෙදෙනෙකි.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔවුන්ව මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.