මැදපෙරදිග සිඟමන් යදින්නට යන ‘ව්‍යාජ’ සංචාරකයින් මර්දනයට පාකිස්ථානයෙන් පියවර

මැදපෙරදිග සිඟමන් යදින්නට යන ‘ව්‍යාජ’ සංචාරකයින් මර්දනය කිරීමට පාකිස්ථාන බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව මැදපෙරදිග රටවල සිඟමනේ යෙදෙන පාකිස්ථාන ජාතිකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම වැළැක්වීම සඳහා ගුවන් තොටුපළවල ආගමන විගමන කාර්ය මණ්ඩලය විසින් එම රටවලට යන මගීන් සඳහා වැඩි දියුණු කළ පරීක්ෂණ ක්‍රම භාවිතා කිරීමට ක්‍රියා කර ඇති බවයි වාර්තා වන්නේ

වාර්තාවට අනුව, මෙම පුද්ගලයින් සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරාකය, ඉරානය, ඕමානය සහ තුර්කිය වැනි රටවලට පැමිණීමට සංචාරකයන් ලෙස වෙස්වලාගෙන සිටින බව ද සඳහන්.

එමෙන්ම විදේශයන්හි අත්අඩංගුවට ගත් යාචකයින්ගෙන් සියයට 90 ක් පමණ පාකිස්ථාන ජාතිකයන් බවත් බොහෝ විට ආගමික සංචාරකයින් ලෙස පෙනී සිටින පුද්ගලයින් කණ්ඩායම්, මූලික වශයෙන් දකුණු පන්ජාබ් හි දිස්ත්‍රික්කවලින් පැමිණ සංචාරය සඳහා මුල්තාන් ගුවන් තොටුපළ භාවිතා කරන බව එම වාර්තාවල දැක්වෙනවා