දැරියකට දිවි අහිමි කළ මාරක රිය අනතුර

කොබයිගනේ ප්‍රදේශයේ කට්ටාපිටිය අතුරු මාර්ගයේ පහළ බලදොර ප්‍රදේශයේදී කොබෙයිගනේ දෙස සිට කට්ටාපිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් රියදුරුට පාලනය කරගත නොහැකි වීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙහිදී අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු සහ එහි පිටුපස ගමන් ගත් යතුරුපැදිකරුගේ සහෝදරියක් වන කුඩා දැරියක් නිකවැරටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී දැරිය මියගොස් ඇති බව සඳහන්.

මියගිය දැරිය වයස අවුරුදු 13ක් වූ පහළ බලදොර, කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි කාරියක්.

මියගිය දැරියගේ දේහය නිකවැරටිය රෝහලේ තැන්පත් කර ඇති අතර කොබෙයිගනේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.