ගෙවුණු පැය 24 ට මැතිවරණ පැමිණිලි 29 ක්

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම් සභාව නිවේදනය කරයි.

ඒ අනුව ගෙවුණු පැය 24 ක කාලය තුළ පැමිණිලි 29 ක් වාර්තා වී ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

එමෙන්ම ජූලි 31 වනදා සිට අගෝස්තු 12 දක්වා කාලය තුළ වාර්තා වූ මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 366ක් බවද සඳහන්ය.