STARLINK සේවා සැපයීමට බලපත්‍රය නිකුත් කෙරේ

ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම සඳහා STARLINK ලංකා පෞද්ගලික සමාගමට අදාළ බලපත්‍රය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ විදුලි සංදේශ සේවා සැපයීමේ බලපත්‍රය අගෝස්තු 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කළ බවයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පැවසුවේ.