මල්වතු ඔය ද්‍රෝණියේ වැව් කිහිපයකට ඇතුළත් එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණයට

මල්වතු ඔය ද්‍රෝණියේ වැව් 100ක් ඇතුළත් එල්ලංගා පද්ධති 20ක් ප්‍රතිසංස්කරණයට පියවර ගෙන තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂි ව්‍යාපෘති සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන බව සඳහන්.

ඒ අනුව මෙම මල්වතු ඔය ද්‍රෝණියේ වැව් 100ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන මේ වන විට ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

මෙම වැඩසටහන යටතේ විශේෂයෙන් වැව් බැඳි රාජ්‍යයේ ඇති සුප්‍රකට එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛත්වය ලබාදී ඇති බව සඳහන්.

මේ අනුව මී ඔය, දැදුරු ඔය හා මල්වතු ඔය ද්‍රෝණිවල පිහිටි එල්ලංගා පද්ධතිවලට අයත් සියලු වැව් ප්‍රතිසංස්කරණය කිරීම සිදුකරන බවයි වාර්තා වන්නේ.