ප්‍රංශයේ පැරිස් නගරයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ක්‍රීඩා වෛද්‍ය සායනයට කරාපිටිය ශික්ෂණ රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී ඔලිම්පික් ක්‍රීඩා වෛද්‍ය හිමාන් ද සිල්වා මහතා එක් විය.
මෙවර ඔලිම්පික් උලෙළේ ක්‍රීඩා වෛද්‍ය සායනයට ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ එකම වෛද්‍යවරයා හිමාන් ද සිල්වා මහතා වන අතර, ඔහු 2016 වසරේ බ්‍රසීලයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සහ 2020 වසරේ ජපානයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ වෛද්‍ය සායනවලටද ඒ මහතා සහභාගිවී ඇත.
ජාත්‍යන්තර ඔලිම්පික් වෛද්‍ය කමිටුවේ සුදුසුකම් ලබා ගැනීම සඳහා පවත්වන ලද අන්තර් ජාතික ක්‍රීඩා වෛද්‍ය පාඨමාලාවලින් සමත් වීමෙන් හිමාන් ද සිල්වා මහතාට ඔලිම්පික් තරගාවලියේ ක්‍රීඩා වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමි විය. ඒ මහතා මේ වන විට ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව, ක්‍රීඩා භෞත චිකිත්සනය සහ ක්‍රීඩා මනෝ විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සුදුසුකම්ලාභී වෛද්‍යවරයෙකි. එම පශ්චාත් උපාධි සුදුසුකම් මත හිමාන් ද සිල්වා මහතාට ඍජුවම ජාත්‍යන්තර ඔලිම්පික් වෛද්‍ය මණ්ඩලයේ ආරාධනය සහ නිර්දේශ මත ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයේ පවත්වා ගෙන යන ක්‍රීඩා වෛද්‍ය සායනයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබිණි.