රනිල්ගේ සහයට ආ රාජිත

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

අද (13) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදෙන බව රාජිත සේනාරත්න මහතා විසින් දැනුම්දී ඇති බව සඳහන්.