වතු කම්කරු වැටුප රුපියල් 1,700 කිරීම ගැන සාකච්ඡාව අද ජනපති ප්‍රධානත්වයෙන්

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1,700ක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පඩිපාලක සභාව අද (12) කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

මනූෂ නානායක්කාර මහතා දැරූ කම්කරු අමාත්‍ය ධුරය අහෝසිවීමෙන් අනතුරුව එම අමාත්‍යාංශයේ වගකීම් ජනාධිපතිවරයා යටතට පැවරුණු අතර, ඒ අනුව කම්කරු අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ රැස්වීම කැඳවා ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පසුගියදා ප්‍රකාශයක් සිදු කළ අතර එහිදී ඔහු සඳහන් කළේ වතු කම්කරු වැටුප සම්බන්ධයෙන් පඩිපාලක සභාව සමඟ එකඟතාවකට එළඹීමට උත්සහ කරන බවත් අතර එම තීරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට සූදානම් බවයි.